වෙ‍ළෙඳසැලකට පැන පිහියකින් පහර දී කොල්ලකෑමට ගිය 13 හැවිරිදි දරුවා

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 21, 2022 12:54 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වෙ‍ළෙඳසැලකට පැන මුදල් කොල්ලකෑමට උත්සහ කළ 13 හැවිරිදි පිරිමි දරුවෙකු බණ්ඩාරගම, නාමළුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර දරුවා වෙළෙඳසැලේ සිටි හිමිකාර කාන්තාවට පිහියෙන් පහර දී සොරකම් කිරීමට තැත් කර ඇති අතර එම අවස්ථාවේදී හිමිකාරිනිය එය වළක්වා ගෙන ඇති අතර සැකකාර දරුවා එම ස්ථානයෙන් පළාගොස් සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පහරකෑමට ලක් වූ කාන්තාව 33 හැවිරිදි වියේ පසු වන අතර වෙළෙඳසැල් හිමිකාරියගේ උදර ප්‍රදේශයට සහ දකුණු අතෙහි උර බාහුවට තුවාල සිදුව තිබේ. ඇය පොලීසියට පවසා ඇත්තේ සැකකාර පිරිමි දරුවා මීටපෙර අවස්ථා කිහිපයකදීම මෙලෙස වෙළෙඳසැලට පැමිණ මුදල් කොල්ලකෑමට උත්සහ දැරූ බවය.

සැකකාර පිරිමි දරුවාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව දෙමාපියන් වෙත භාර දුන් බව පොලීසිය පවසයි.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

you may like this video 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now