මහ පාන්දර නිවසකට හොරෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට සිදු වූ දේ

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Jul 21, 2022 10:14 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

බලංගොඩ කිරිගල ප්‍රදේශයේ නිවසකට අද අලුයම 2.30ට පමණ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට නිවැසියන් සිදුකළ පහරදීමකින් එම පුද්ගලයා මියගොස් තිබෙනවා.

මොහු 28 හැවිරිදි බලංගොඩ මුහුණමලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ.

නිවැසියන් පොලිසියට ඒ පිළිබඳ දැනුම් දී ගිලන්රථයකින් ඔහු රෝහලට රැගෙන ගොස් තිබුණ ද ඒ වනවිටත් එම පුද්ගලයා මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් එම නිවසේ සිටි සැමියා, බිරිඳ සහ බිරිඳගේ මව්පියන් බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now