ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය අදයි..

Bak Full Moon Poya Sri Lanka Buddhism
By Aruna Apr 23, 2024 01:45 AM GMT
Report

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා. බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුව තිබේ.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයකයි.

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කරන්නේ ද අද වැනි උතුම් පොහොය දිනකයි.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය අදයි.. | Bak Full Moon Oya Day

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

ඒ අනුව බක් පොහොය දිනය වෙනුවෙන් දිවයින පුරා ආමිෂ හා ප්‍රතිපත්ති පූජා පැවැත්වෙයි.


Gallery