දුරකථන කාඩ් පතක් ගැනීමට කඩයට ආ හත් හැවිරිදි දරුවාට කැත්තෙන් කෙටු පුද්ගලයාට ලැබුණු තීන්දුව

Badulla Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Sep 02, 2022 03:10 PM GMT
Report

බදුල්ල, කන්දකැටිය වෙන්දේසියාය ගම්මානයේදී 7 හැවිරිදි වයසැති ළමයෙකුට කැත්තකින් පහරදි බරපතළ කැපුම් තුවාල සිදුකළ සැකකරු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතා අද (02) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ ඩී. එම්. කිරිබණ්ඩා නමැති 54 හැවිරිදි සැකකරුය. එම සිද්ධියට මුහුණදුන් දරුවා ට බදුල්ල මහ රෝහලේ දී සිදුකළ පැය 7ක සැත්කමකින් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

දරුවා ට ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව එම සැකකරු අසල කැලෑවක් තුළ සැඟවී සිටි අතර පොලීසිය සහ ගම්වාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනුණි. සැකකරු මේ වනවිට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර මහෙස්ත්‍රාත්වරයා රෝහලට ගොස් සැකකරුව පරීක්ෂාකර බලා අදාළ නියෝගය නිකුත් කළේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now