රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් පිරිසකට කොවිඩ්
බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ හේතුවෙන් ප්‍රතිකාර කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා,
"ප්‍රදේශයේ කොරෝනා තත්ත්වය ගත්තහම ඒ සම්බන්ධයෙන් අපිට නිසි තක්සේරුවක් ලබාගැනීමට හැකියාවක් නෑ. මන්ද පීසීආර් පරීක්ෂණ හා ඇන්ටිජන් පරීක්ෂණවල සීමා සහිතභාවය නිසා. අනිත් අතින් ගත්තහම බදුල්ල රෝහල තුළ ඉතා අමාරු තත්ත්වයකට අපි පත්වෙලා තියෙනවා. මේ වෙනවිට හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු 9 දෙනාගෙන් 6 දෙනෙක් කොරෝනා ආසාදනය වෙලා තියෙනවා.
නමුත් අපි වෛද්‍යරු 4 දෙනෙක් එකතුවෙලා ඒ ප්‍රතිකාර කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා මේ මොහොත දක්වා. මේ මාසේ පළමු වෙනිදා සිට මේ දක්වා රෝහල් කාර්ය මණ්ඩලයේ 60කට ආසන්න ප්‍රමාණයක් මේ රෝගයට ගොදුරු වෙලා තියෙනවා. ඒ අතර වෛද්‍යවරු 20කට අධික ප්‍රමාණයක් හා අනෙකුත් හෙද හා සහායක කාර්ය මණ්ඩලයේ පවුල්වල අය මේ තත්ත්වයට පත්වෙලා තියෙනවා."
රෝග ලක්ෂණ අඩු සහ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් මඟින් කොවිඩ් වෛරස ව්‍යාප්තිය තවත් වේගවත් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඔහු පවසන්නේ එය මග හරවා ගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමය කිරිම අනිවාර්ය සාධකයක් බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |