ඔයාගේ ජීවිතේට භයානක විදියට බලපාන වැරදි පුරුදු 7ක්.
වැරදි පුරුදු කියලා කියන්නේ හැම විටම අපේ ශරීරයට ඇති කරන්නේ අහිතකර බලපෑම්. අද අපි ඔබට කියන්න යන්නේ එවැනි අහිතකර බලපෑම් 7ක් ගැන.
නිතරම වාඩි වී සිටීම
නිතරම වාඩි වී සිටීම කියලා කියන්නේ ඉතාම අහිතකර පුරුද්දක්. එමගින් ඔබේ ශරීරයේ බර වැඩිවීමට වගේම රුදිර සංසරණයත් අක්‍රමවත් වෙනවා. එය ඔබ අදික ලෙස තරබාරු කරන්න වගේ බෝ නොවන රෝග ඇති කරන්නත් බලපානවා.
ප්‍රධාන ආහාර වේල් මග හැරීම.
ලෝක සම්මතය වගේම වෛද්‍යවරුන් නිර්දේශ කරන ආකාරයට උදේ දවල් රෑ වශයෙන් අපට ප්‍රධාන ආහාර වේල් තුනක් තිබෙනවා. ඉතින් මේ ආහාර වේල් තුන මග හැරීම ඔබේ ශරීර සෞඛ්‍යට ඉතාම අහිතකයි.
නින්දට පෙර ජංගම දුරකථනය භාවිතය
බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි නින්දට පෙර ජංගම දුරකථනය භාවිත කිරීම. නමුත් එක ප්ඔබට නිදිමත දැනීම ප්‍රමාද කිරීමටත් සුව නින්දක් ලබා දීමත් අහිමි කරනවා. නින්දට පෙර පොතක් කියැවීම වඩාත් සුදුසු වනවද්ං එමගින් ඔබට සුව නින්දක් වගේම ඔබේ නින්ද ඔබට ලගා කරදීමත් සිදුවෙනවා.
තමන්ගේ ආදායමට වඩා වියදම් කිරීම.
සෑම කෙනෙකුටම එක හා සමාන ආදායමක් ලැබෙන්නේ නැ. ඒ නිසාම තමන්ගේ වියදම් පාලනය ආදායමට අනුව සිදු කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද සෑම විටම අපිට ජීවිතයේ මුහුණ දීමට සිදුවන දේ සෑම විටම අපි නොදන්න නිසා. හදිසි අවශ්‍යතාවයකදි වියදම් කලමණාකරණය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා
ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම
වර්තමාන කාර්යබහුල ලෝකය තුළ බොහෝ දෙනාට සිදුවන දෙයක් තමයි හොද නින්දක් කියලා කියන්නේ. බොහෝ දෙනෙකුට සිය එදිනෙදා වැඩ එක්ක නින්ද අහිමි වෙනවා. නමුත් එය ඔබ දිනෙන් දින විනාශයට අත වනන කාරණයක්. ඒ නිසා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා.
අදික ලෙස මතට ඇබ්බැයි වීම
මත්ද්‍රවය පානය කියන්නේ ශරීරයට අහිතකර දෙයක්. අදික ලෙස මත්ද්‍රව්‍ය පානය කිරීම ඔබේ ශරීරයට ඉතාම අහිතකර දෙයක්. මත් පැන් පානය ඉතා අවම මට්ටමම පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා.
හිතා මතා වැඩ කල් දැමීම.
වැඩ කලමණාකරණය කියලා කියන්නේ ඉතාම වැදගත් දෙයක්. නිතර නිතර ඔබේ වැඩ කල් දැමීමෙන් වෙන්නේ ඔබ වැඩ කල් දැමීමට පුරුදු වීම එමගින් ඔබට එක විට වැඩ ගොඩගැහෙන්න පුළුවන් එවිට ඔබ පීඩාවට පත්වීමට හැකියාව පවතිනවා