අවලෝකිතේෂ්වර තම දරුවා අපයෝජනය කර බිරිඳව අතහැර දැමූ කෙනෙක්..එහෙම කරපු හේතුව මෙන්න.(PHOTOS)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Buddhism
By Aruna Jan 09, 2024 11:28 PM GMT
Report

අවලෝකිතේෂ්වර යන නාමයෙන් පෙනී සිටින පුද්ගලයකු බුදු දහමට අපහාස වන ලෙස හැසිරෙන්නේ යැයි රහස් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

තමන් මතු බුදුවන බෝධිසත්වයන් කෙනෙකු යැයි පවසමින් බුද්ධගම අවභාවිතා කරන බවයි පැමිණිලිකරුවන් අවධාරණය කර සිටින්නේ ඔහු තම අනුගාමිකයන්ගෙන් වැඳුම් පිදුම් ලබන අතර මෙහෙණින් වහන්සේ කෙනෙක් ද ඔහුට වඳින අයුරු සමාජ ජාලවල වීඩියෝවක් හුවමාරු වෙමින් පවතී.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

නුදුරු දිනකදීම තමන් බුදුවන බව පවසන මෙම පුද්ගලයා තමන්ගේම දරුවා අපයෝජනයට ලක්කර විවාහය අතහැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ශාක්‍ය පුත්‍ර සංවිධානයේ සභාපති පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියෝ කියා සිටින්නේ, එය අභිනිෂ්ක්‍රමණය ලෙස ඔහු හඳුන්වමින් සිටින බවයි.

GalleryGalleryGalleryGalleryGalleryGallery