අවලෝකිතේශ්වර යැයි පෙනී හිටිය මහින්ද ගැන වෛද්‍ය වාර්තාවකින් එළියට ආ තොරතුර..

Colombo Latest Headlines Decision Making
By krishani Apr 24, 2024 12:26 PM GMT
Report

අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

අවලෝකිතේශ්වර යැයි පෙනී හිටිය මහින්ද ගැන වෛද්‍ය වාර්තාවකින් එළියට ආ තොරතුර.. | Avalokiteshvara Bodhisattvas In Social Media

ඒ ඔහුට එරෙහිව ඇති නඩුව අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ දී ය.

ඒ අනුව අදාළ විත්තිකරු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට මානසික වෛද්‍ය විශේෂඥයින් විසින් අධිකරණය හමුවට වාර්තාවක් මගින් කරුණු දක්වා ඇති බව කොටුව මහේස්ත්‍රාත් කෝසළ සේනාදීර මෙහිදී සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, එම වාර්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ජුනි මස 19 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ ය.