ලෝකයම නොඉවසිල්ලෙන් බලා හිටිය, විස්සයි විස්සට එන ප්‍රබල සංචිතය එළියට - ප්‍රබලයෙක් ඉවතට..
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු සංචිතය නම්කර තිබෙනවා.
15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් ඇතුළත් කර නොමැත.
එමෙන්ම, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරුවෙකු ලෙස විශිෂ්ට දස්කම් දැක් වූ ජේක් ෆ්‍රාසර් ද ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කර නොමැති වීම ද විශේෂත්වයක් වේ.
මිෂෙල් මාෂ්ගේ නායකත්වයෙන් යුත් ලෝක කුසලානයට නම් කළ ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස සංචිතය පහතින් දැක් වේ,
මිචෙල් මාෂ් (නායක)
ඇෂ්ටන් අගාර්
පැට් කමින්ස්
ටිම් ඩේවිඩ්
නේතන් එලිස්
කැමරන් ග්‍රීන්
ජොෂ් හැස්ල්වූඩ්
ට්‍රැවිස් හෙඩ්
ජොෂ් ඉන්ග්ලිස්
ග්ලෙන් මැක්ස්වෙල්
මිචෙල් ස්ටාක්
මාකස් ස්ටොයිනිස්
මැතිව් වේඩ්
ඩේවිඩ් වෝනර්
ඇඩම් සම්පා
කෙසේ වෙතත්, මේ වනවිට නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් ද විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන සංචිත ප්‍රකාශයට පත් කර ඇත.