ATM කාඩ් වලින් මුදල් ගණුදෙනු කරන හැමෝටම විශේෂ පණිවුඩයක්..

Central Bank of Sri Lanka Sri Lanka Police Hatton Technology
By Aruna Apr 11, 2024 04:23 PM GMT
Report

වතු කම්කරුවන් රවටා ATM කාඩ්පත්වලින් මුදල් වංචා කළ පුද්ගලයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

පොලිසියට අනාවරණ වී ඇත්තේ, සැකකරු, හැටන් ප්‍රදේශයේ ATM යන්ත්‍ර මගින් මුදල් ගැනීමට පැමිණෙන වතුකම්කරුවන් රවටා වංචනිකව ඔවුන්ගේ ATM කාඩ්පත් ලබාගෙන ඒවායින් මුදල් ගෙන ඇති බවයි.

පොලිසියට අනාවරණ වී ඇත්තේ, අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකර තිබෙන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.