පාසලක් වසා දැමු අලි රංචුව
Anuradhapura
Sri Lanka
Elephant
By Sewvandhi
වන අලි රංචුවක් කඩා වැදීම නිසා ගල්ගමුව අතරගල්ල කනිටු විදුහල හදිසියේම අද වසා දමා තිබෙනවා. ඒ අනුව පාසලේ සිසුන් කඩිනමින් නිවෙස්වලට යැවීමට කටයුතු කළ බවයි විදුහල්පති ඩබ්ලිව්. එම්. අනුර වන්නිනායක මහතා ප්‍රකාශ කළේ.
වන අලි පස්දෙනකු සහ පැටවු තිදෙනකු පාසලට යාබද කැලෑ භූමිය තුළ සිටින බවට මව්පියන් දැක ඒ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයා දැනුම්වත් කර තිබුණා.
ඒ අනුව මෙම සතියේ ඉදිරි දින දෙක ද පාසල වසා තැබීමට කටයුතු කර ඇති අතර, පාසලේ දරුවන් හා ගුරුවරුන් අවට වෙනත් පාසල් වෙත අනුයුක්ත කිරීමටයි කටයුතු කර ඇත්තේ.
......................................................................
You may like this video
ණය ප්‍රතිව්‍යුහ ගත කරගැනීම ගැන හර්ෂ ද සිල්වා කියන දේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |