අස්වැසුම අභියාචනා අවසන් කරන දිනය මෙන්න - අස්වැසුම විශේෂ ඒකකය ගැනත් දැනුම්දීමක්

Dinesh Gunawardena Prime minister Government Of Sri Lanka
By Sewvandhi Jan 09, 2024 09:44 AM GMT
Report

ඊයේ (08) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අස්වැසුම සුභ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා යථාවත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා .

2023 වසරේ සියලුම අස්වැසුම අභියාචනා ජනවාරි 31 වනදා වන විට විසඳා අවසන් කිරීමටත්, පෙබරවාරි මුල් සතිය වන විට දෙවන වටය සඳහා අලුතින් අස්වැසුම අයදුම්පත් කැඳවීමටත් එහිදී සාකච්ඡා කෙරුණා.

එමෙන්ම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අස්වැසුම විශේෂ ඒකකයක් ඇති කිරීමටත් ග්‍රාමීය මට්ටමින්ඒ සඳහා නිළධාරියෙකු පත්කිරීමටත් මෙහිදී තීරණය කළ බවයි පැවසෙන්නේ

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ

“අස්වැසුම අහිමි වෙයි කියලා විශාල පිරිසකට සැකයක් සහ බියක් තිබුණා. දිසාපතිවරු ඇතුළු සියලු දෙනා ගැටලු රැසක් මධ්‍යයේ වුණත් අස්වැසුම හොඳින් ක්‍රියාත්මක කළා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු සම්බන්ධිත නිලධාරීන් සියලු දෙනා ඊට සහයෝගය දැක්වූවා” යනුවෙනුයි එමෙන්ම “තාක්ෂණික අඩුපාඩු තිබෙනවා.

එය පැහැදිලි කර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කළා ,අස්වැසුම වැඩසටහනේදී ඉදිරියට අවස්ථා කිහිපයක් අභියාචනාවලට ඉඩ ලැබෙනවා. අභියාචනා විභාගයේදී දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතිවන ගැටලු නිරාකරණය කරනවා. තාක්ෂණික ගැටලුව මුල ඉඳන්ම ආවා. ධාරිතාවය මදි. දැන් අස්වැසුම වැඩසටහනට නිසි සැලැස්මක් තිබෙනවා. නිශ්චිත පියවරයන් තිබෙනවා.

ඔක්තෝබර්, නොවැම්බර් මාස දෙකේදි ග්‍රාම නිලධාරීන් සියලුම ඡන්ද ලේඛන සකස්කර අවසන් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රකාශයට පත් කළ යුතු දිනයක් තිබෙන නිසා ඊට අනුකූලව ඡන්ද ලේඛනවල සියලු වැඩ අවසන් කිරීමට ග්‍රාම නිලධාරීන් පියවර ගත්තා. අස්වැසුම වැඩසටහනටත් එවැනි සහයෝගයක් ලබා ගැනීම අවශ්‍යයි. මේ වන විටත් රජයේ දරිද්‍රතාවයෙන් මිදීමේ වැඩසටහන විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.” යනුවෙන්ද සඳහන් කළා.

Sponsored By Sarrita Jewellery

අස්වැසුම අභියාචනා අවසන් කරන දිනය මෙන්න - අස්වැසුම විශේෂ ඒකකය ගැනත් දැනුම්දීමක් | Aswesuma Welfare New Centers