අස්වැසුම අයදුම්පත් කැඳවීම ගැන විශේෂ දැනුම්දීමක්..!

Shehan Semasinghe Sri Lanka Final War Ministry of Finance Sri Lanka Financial crisis
By Sewvandhi Jan 02, 2024 01:49 PM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ, 2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවිම ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුල ආරම්භ කරන බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“1,410,064 ක අස්වැසුම දෙසැම්බර් මස වාරික මුදලත් ගෙවා අවසන් කිරීමට අපට හැකිවුණා.අපගේ ඉලක්කය ලක්ෂ 20ක් සඳහා මෙම ප්‍රතිලාභ ලබා දීමටයි. 2023 වසරේ පැවැති යම් යම් අඩුපාඩුකම් මගහරවා ගනිමින් ප්‍රතිලාභ හිමි විය යුතු ම කණ්ඩායම සොයා ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීමට රජය කටයුතු කරනවා.”