අස්වැසුම ගැන ඇහෙන අලුත්ම ආරංචිය - කරන්න යන දෙය ගැන එකවරම කළ දැනුම්දීම මෙන්න..

Shehan Semasinghe Sri Lanka Politician Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Mar 03, 2024 01:39 PM GMT
Report

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රථමයෙන්ම තෝරාගත් ලක්ෂ 20ක ප්‍රතිලාභීන්ගෙන් ලක්ෂ 15කට මේ වනවිට ප්‍රතිලාභ ගෙවා අවසන් කර තිබෙනවා.

අස්වැසුම ගැන ඇහෙන අලුත්ම ආරංචිය - කරන්න යන දෙය ගැන එකවරම කළ දැනුම්දීම මෙන්න.. | Aswasuma Of Sri Lanka

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

අනෙකුත් ප්‍රතිලාභීන් සඳහා ඉදිරි මාස කිහිපය තුළ දී ප්‍රතිලාභ ගෙවා අවසන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

එමෙන්ම, අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන ශක්තිමත් යාන්ත්‍රනයක් බවට පත්කර රටේ සිටින දිළිඳුම පවුල් තෝරාගෙන ප්‍රතිලාභ ගෙවීමටත්, ලක්ෂ විස්සක් වූ ප්‍රතිලාභී සංඛ්‍යාව ලක්ෂ විසිහතරක් දක්වා වැඩිකිරීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කර සිටියේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අස්වැසුම ප්‍රතිලාභ හිමිකර ගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයන් 7000ක් පමණ හඳුනාගෙන ඇති බවත් එම ප්‍රතිලාභ හිමිකරගත් පුද්ගලයන් වෙනුවෙන් පනතට අනුව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවත් ය.