නව වසරේ පවුල් ලක්ෂ 4කට රජයෙන් ලැබෙන දේ - මෙන්න ඔබටත් අවස්ථාව

Ranjith Siyambalapitiya IMF Sri Lanka Financial crisis Economy of Sri Lanka
By Sewvandhi Dec 24, 2023 03:26 PM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, අස්වැසුම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 20 සිට ලක්ෂ 24 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

ඒ හේතුවෙන් ප්‍රතිලාභීන්ට හිමිවන ප්‍රතිලාභ ප්‍රමාණය කිසි ලෙසකින්වත් පහළ නොදමන බවත්, එතුමා සදහන් කළා. 

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 

නව වසරේ පවුල් ලක්ෂ 4කට රජයෙන් ලැබෙන දේ - මෙන්න ඔබටත් අවස්ථාව | Aswasuma Government Wellfare

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කරන ලද ධන බද්ද ක්‍රියාවට නැංවීම කල් දමා ඇති බව වාර්තා වෙනවා.

ඒ, අනුව 2024 වසරේ සිට ක්‍රියාත්මක කරන ලෙස IMF විසින් මීට පෙර ශ්‍රී ලංකාවට දන්වා තිබූ අතර එය 2025 දක්වා කල් දැමෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ කිසිදු රටක ධන බද්ද ක්‍රියාත්මක නොවන බවයි ශ්‍රී ලංකා රජය විසින් කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ.

ඒ, හේතුවෙන් මෙය ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද කියා ආදර්ශ සැලසුමක් සපයන මෙන් ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල වෙත විශේෂ ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා.

එම ආදර්ශ සැලසුම ලැබීමෙන් පසු ධන බද්ද 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සලකා බැලෙනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.