චන්න සහ අසේල සමතකයකට පත් වෙයි...

Sri Lanka Politician Channa Jayasumana Latest Headlines
By Sewvandhi Mar 05, 2024 09:58 AM GMT
Report

චන්න ජයසුමන මහතාට, තමන්ට අපහාසයක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි නඩුව විභාගයට ගත් අවස්ථාවේ අසේල සම්පත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව පළ කර තිබේ.

තවද , නැවත ඒ මත පදනම්ව කිසිදු අපහාසයක් සිදුනොකරන බවට පැවසීමත් සමග නඩුව සමථයකට පත්වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා,  කෝට්ටේ ප්‍රදේශයෙන් රුපියල් මිලියන 200ක නිවසක් මිලදී ගෙන ඇතැයි ද, එම නිවසට ගෘහ භාණ්ඩ සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගෙන ඇතැයි ද, පසුදින එම නිවස ඉදිරිපිටට පැමිණ සජීවී වීඩියෝවක් කරන බවටද 2021 වසරේ සිදු කළ ප්‍රකාශයක් සහ ඉන් පසුව ඒ මත පදනම් වෙමින් දිගින් දිගටම සිදුකළ ප්‍රකාශ මගින් තමන්ට අපහාසයක් සිදුවූ බව පවසමින් මෙම නඩුව පවරා තිබුණි.

තමන්ට කෝට්ටේ හෝ වෙනත් කවර හෝ තැනකින් එවැනි වටිනාකමක් සහිත නිවසක් හෝ වෙනත් කිසිඳු දේපොළක් අයත් නැති බවත් අසේල සම්පත් ගේ ප්‍රකාශය හුදු ද්වේශය මත පදනම්ව අපහාස කිරීම සඳහාම ගොතන ලද කතාවක් බවත් මහාචාර්ය චන්න ජයසුමන මීට පෙර දිසා අධිකරණයේදී සාක්ෂි දෙමින් පැවසීය.

වෙනත් කරුණක් සම්බන්ධයෙන් අසේල සම්පත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වීම, ජයසුමන මහතා සිදුකළ පැමිණිල්ලක් හේතුවෙන් සිදුවී නම් ඒ ගැන කනගාටුව පළ කිරීමද මෙහිදී සිදුවිය.

පැමිණිලිකාර මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ වී.කේ චොක්සි මහතා ද විත්තිකාර අසේල සම්පත් වෙනුවෙන් නීතිඥ තිස්ස වේරගොඩ මහතා ද පෙනී පෙනී සිටියේය.