2023 සිට සාමාන්‍ය පෙළට අලුත් විෂයක්..08 වසරෙන් පටන්ගන්න යයි..

Ministry of Education Sri Lanka G.C.E. (O/L) Examination
By Aruna Dec 09, 2022 04:45 AM GMT
Report

8 ශ්‍රේණියේ සිට කෘත්‍රිම බුද්ධිය(Artificial intelligence) විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළා.

ඒ ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට පත්කරන තොරතුරු තාක්ෂණ විෂයට සමගාමීව යි.

මීට පෙර එම විෂය 10 ශ්‍රේණියට හඳුන්වාදීමේ සූදානමක් පැවතිය ද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 8 ශ්‍රේණියේ සිට ඉගැන්වීමට තීරණය කළ බව සුසිල් ප්‍රේම්ජන්ත් මහතා ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොරව, අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වෙනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බවයි.

සුළු සංශෝධන සහිතව තවමත් පවත්වාගෙන යන්නේ යල් පැන ගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයම බව ද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කළා.

එම නිසා ඔහු පැවසුවේ, මේ ක්‍රමය වෙනස් කළ යුතු බව සහ බොහෝ තරුණයන් ඉල්ලා සිටින්නේ ඒ වෙනස බව යි.

ඒ විප්ලවීය සමාජ වෙනස අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය හරහා කිරීමට තමා සූදානම් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළා.

දෘශ්‍ය සංජානනය, කථන හඳුනාගැනීම, තීරණ ගැනීම සහ භාෂා අතර පරිවර්තනය වැනි සාමාන්‍යයෙන් මානව බුද්ධිය අවශ්‍ය වන කාර්යයන් ඉටු කිරීමට හැකි පරිගණක පද්ධතිවල න්‍යාය සහ සංවර්ධනය කෘත්‍රිම බුද්ධිය ලෙස හඳුන්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now