පච්චයක් ගැහුවාම අත්අඩංගුවටද.. 80 - 89 මර්දන න්යාය නැවත ගේන්නද හදන්නේ? - නාමල් ආණ්ඩුවෙන් ප්රශ්න කරයි
Namal Rajapaksa
Latest Headlines
Sinhala news
Puwath.lk
Colombo politics heat up
By R.rishma
වත්මන් ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ තනිකරම මර්දනයක් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ප්රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුව අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා;
".. දැන් කියනවා මේ මේ මම දැක්කා අර අධිකරණ ඇමතිතුමා කියනවා පච්ච ගහන් හිටියා මල්ලිලා නංගිලා, එක්තරා පච්චයක් විතරක් ගැහුවොත් අල්ලනවා, ඒකට පනතක් ඕනේද? සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක් ඕනේද? ආ ඒක අල්ලන්න පුළුවන්නේ..
තනිකර මේ මර්ධනයට ඔබතුමන්ලා දැන් අර ඉස්සර තිබ්බා නියෝජ්ය කථානායකතුමනි IRC කියලා, නේද? IRC කියලා අහු වුනහම, IRC කොණ්ඩේ වවන් හිටියොත්, රැවුල වවන් හිටියොත් IRCකාරයා කියලා ගිහින් දානවා. දැන් ඔබතුමන්ලාගේ 80, 89 මේ න්යායපත්රය දැන් ඒක ගෙනැල්ලා ගේන්න හදනවා නීතියක් කරලා. ඉතින් ඒ හින්දා අපි පැහැදිලිව ඔබට කියන්නේ කරුණාකරලා මේ රටේ ජනතාව රවට්ටන්න එපා. මේ රටේ ජනතාව දැවැන්ත ආර්ථික පීඩනයකින් ඉන්නවා, සමාජ පීඩනයකින් ඉන්නවා, ඒ සඳහා අවශ්ය පිළිතුරු දැන්වත් ලබා දෙන්න, ඒ ලබා දෙන්න කටයුතු කරේ නැත්නම් මේ රටේ ජනතාව පාට බහින එකත් නවත්වන්න බැරි වෙයි.."