සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් වට්ස්ඇප් සමූහයට දැමූ ගුරුවරයා අල්ලා ගනී..

Sri Lanka Police Ministry of Education Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Education
By Aruna May 12, 2024 03:21 AM GMT
Report

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ෂේශ විමර්ශන ඒකකය විසින් අද (12) එම සැකකරු මහනුවර ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ලංකාවට වාහන ආනයනය සිහිනය මල්ඵල ගැන්වේ...කරන විදිය ගැන දැනුම්දීමක්..

ලංකාවට වාහන ආනයනය සිහිනය මල්ඵල ගැන්වේ...කරන විදිය ගැන දැනුම්දීමක්..


මේ අනුව, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පසුගියදා (09) පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය විභාගයට කලින් පිට වී ඇති බවට දැනට ලැබී ඇති තොරතුරුවලින් තහවුරු නොවන බවත්, නමුත් කොළඹ විභාග මධ්‍යස්ථාන දෙකක විභාගවලට පෙනී සිටින දරුවන් කිහිප දෙනෙකු හොරෙන් සගවාගෙන සිටි දුරකථනවලට වට්සඇප් මාර්ගයෙන් පිළිතුරු ගෙන්වා ගැනීමට උස්සාහ කර තිබෙන බවට තහවුරු වූ බවත් විභාග කොමාසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.

ජයසුන්දර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ වින විට මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති අතර එම සිසුන්ට එරෙහිව උපරිම නීත්‍යානුකූල පියවර ගන්නා බවයි.

හසලක ප්‍රදේශයේ ද මේ ආකාරයේ ම සිද්ධියක් වාර්තා වී ඇති බවත්, ඒ පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, විභාග කොමාසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා.