ජනප්‍රිය නිළියකගේ සැමියා අත්අඩංගුවට ගනී..

Sri Lanka Police Sri Lanka Accident
By Aruna Jul 07, 2022 05:56 AM GMT
Report

මෝටර් රථයකට ලක්ෂ 6කට අධික අලාභයක් කරලා වාහනයකට හානි සිදුකර සැඟව සිටි ප්‍රධාන පෙළේ ගුවන් සේවාවකට අයත් ගුවන් නියමුවකු, නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරියකු සහ ඒකල ලංගම ඩිපෝවේ කාර්මික ශිල්පියකු නුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (6 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබුවා.

ජනප්‍රිය ටෙලි නිළියක වන ගුවන් නියමුවාගේ බිරිඳගේ නැන්දා කළ පැමිණිල්ලක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

පැමිණිලිකාරියගේ මෝටර් රථයට මෙම පිරිස පේන්ට් රිමූවර් නමැති දියරය යොදා රුපියල් ලක්ෂ 6කට අධික අලාභයක් මාර්තු මස පළමුවැනි දින සිදුකර ඇතැයි පල්ලේකැලේ පොලිසියට පැමිණිලි කර තිබිණි.

සැකකරුවන් තෙල්දෙණිය මහෙස්ත්‍රාත් හමුවට ඊයේ (6 වැනිදා) පැමිණීමෙන් පසුව වරද පිළිගත් හෙයින් අලාභය ගෙවීමේ කොන්දේසිය මත රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now