පොලිසියට බෝම්බයක් ගසා පනින්න හදපු යුද හමුදා සෙබලා.
විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සන්තකයේ තබාගෙන අයිස් මත්ද්‍රව්‍ය අලෙවි ජාවාරමක නිරතවූ යුද හමුදා විශේෂ බලකායේ හිටපු සාමාජිකයකු අද(31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවේ, කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාට ලද තොරතුරක් අනුව යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ ක්ෂණික මෙහෙයුමකදීයි.
මෙහිදී කැකිරාව නීකිණීයාව මීගහවැව ප්‍රදේශයේ වෙල්යායක සැගව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී සැකකරු සිය ඇදුමේ සාක්කුවක සගවා සිටි ජීව අත්බෝම්බයක් එළීයට ගෙන පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට සූදානම් වී තිබෙනවා.
කෙසේ වෙතත් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් සැකකරු මෙල්ලකර ඔහුගේ උත්සහය ව්‍යර්ථ කිරීමට සමත්ව වූ අතර පොලිස් නිලධාරීන් යොදා තිබූ උපාය මාර්ග හා දක්ෂතාවයන් හේතුවෙන් සැකකරු අතින් එම ස්ථානයේදී අහිමිවීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකගේ ජීවිත බේරී ඇත.