යූටියුබ් සහ සමාජ මාධ්‍යයට වීඩියෝ දාන්නෙ පරිස්සමින්..යුධ හමුදාපති නඩු පවරයි..

Sri Lanka Army Youtube Sri Lanka Social Media Major General Vikum Liyanage Social Media
By Aruna May 08, 2024 06:24 AM GMT
Report

ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ තමන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක වීඩියෝ පට හුවමාරු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකුට සහ අමෙරිකානු සමාගම් දෙකකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

අන්තර්ජාල ආරක්ෂණ පනතේ විධිවිධාන යටතේ යුද හමුදාපතිවරයා විසින් අඟහරුවාදා (මැයි 07) අධිකරණයේ මෙම නඩුව ගොනු කර ඇති බවයි පැවසෙන්නේ.

විශ්‍රාමලත් හමුදා නිලධාරින් නැවතත් යුද්ධ භූමියට යැවීමේ මිනිස් ජාවාරමක්..

විශ්‍රාමලත් හමුදා නිලධාරින් නැවතත් යුද්ධ භූමියට යැවීමේ මිනිස් ජාවාරමක්..


විදේශගත ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තුෂාර සාලිය රණවක සහ ඇමරිකානු බහුජාතික සමාගමක් වන ගූගල් සහ එහි අන්තර්ජාල වීඩියෝ හුවමාරු වේදිකාවේ යූ ටියුබ් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

තම නඩුව ගොනු කරමින් යුද හමුදාපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ වගඋත්තරකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙසත් එම අපහාසාත්මක වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් ප්‍රචාරය වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

නීත්‍යානුකූල සැමියා නිඳි කරවා අනියම් සැමියා නිවසට ගෙන්වාගත් තරුණිය මාට්ටු වෙයි...

නීත්‍යානුකූල සැමියා නිඳි කරවා අනියම් සැමියා නිවසට ගෙන්වාගත් තරුණිය මාට්ටු වෙයි...