විශාල පිරිසක් ඉස්සරහ නිරුවත පෙන්වූ පොහොට්ටුවේ හිටපු ඇමතිවරියට වෙච්ච දේ මෙන්න.(VIDEO)

Political Janadipathi bappa fb page Ariyawathi galappaththi
By Aruna Mar 29, 2022 11:48 PM GMT
Report

ත්‍රිකුණාමලයේදී පැවති ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනට සහභාගී වූ නැගෙනහිර පළාතේ හිටපු අමාත්‍යවරියක් වන ආරියවතී ගලප්පත්තිට එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වන්නට වුණා.

සභාවේ න්‍යාය පත්‍රයට පිටින් යාමෙන් බලහත්කාරයෙන් ජනතාව ඇමතීමට උත්සාහ කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් එම ජනතාව හූ හඬ නගමින් සභාවෙන් පිටව යන්නැයි ඇයට කියා සිටියා.

වත්මන් අර්බුද වලට පවතින ආණ්ඩුව වගකිව යුතු නැති බවත් එය විවේචනය නොකළ යුතු බවත් හිටපු අමාත්‍යවරිය ප්‍රකාශ කිරීමත් සමග මෙම විරෝධය එල්ල විය.

මේ පිළිබඳව අදහස් පළ කළ එම සංවිධායකයන් සඳහන් කරන්නේ, දේශපාලනයෙන් යුතු කාන්තාවක් තම වැඩසටහන සම්පූර්ණයෙන් කඩා කප්පල් කර දැමීමට උත්සාහ කළ බවයි.

අදාල වීඩියෝව පහතින් නරඹන්න.

මෙතනින් බලන්න?

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now