ස්විට්සර්ලන්තය හඬවමින් මෙසීගේ ආර්ජන්ටිනාව සෙමි ෆයිනල් එකට
ලයනල් මෙසීගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ ආර්ජන්ටිනා කණ්ඩායම 2026 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී ස්විට්සර්ලන්තය ගෝල 3-1ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
කැන්සාස් නගරයේ පැවති මෙම තරගයේ 10 වැනි මිනිත්තුවේදී ඇලෙක්සිස් මැක් ඇලිස්ටර් හිසින් එල්ල කළ ගෝලය හරහා ආර්ජන්ටිනාව පෙරමුණට පැමිණියේය. එම ගෝල අවස්ථාව නිර්මාණය කළේ ලයනල් මෙසීගේ විශිෂ්ට පන්දු යැවීමකිනි.
කෙසේ වෙතත්, දෙවැනි අර්ධයේදී ඩෑන් න්දොයේ වාර්තා කළ ගෝලයත් සමඟ ස්විට්සර්ලන්තය තරගය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය. ඒ අනුව නියමිත මිනිත්තු 90 අවසන් වූයේ දෙපිලම සම තත්ත්වයේ සිටියදීය.
අමතර කාලයේදී තරගයේ තීරණාත්මක අවස්ථාව උදා වූ අතර, 112 වැනි මිනිත්තුවේදී ජුලියන් අල්වාරස් දුර සිට එල්ල කළ විශිෂ්ට ප්‍රහාරයක් ගෝලයක් බවට පත් කරමින් ආර්ජන්ටිනාව නැවතත් පෙරමුණට රැගෙන ගියේය.
ඉන් අනතුරුව තරගයේ අවසන් මොහොතේ ලවුටාරෝ මාර්ටිනස් තවත් ගෝලයක් වාර්තා කිරීමත් සමඟ ආර්ජන්ටිනාව සිය ජයග්‍රහණය ගෝල 3-1ක් ලෙස තහවුරු කළේය.
මෙම ජයත් සමඟ 2026 ලෝක කුසලාන අවසන් පූර්ව වටයේදී ආර්ජන්ටිනාව එංගලන්තය සමඟ තරග වැදීමට නියමිතය.