මෙරට කංසා පාදක නිෂ්පාදන සිදු කිරීමට අවසර? - ජනපතිගෙන් ඉල්ලීමක්.

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jun 10, 2023 06:50 AM GMT
Report

 අපනයනය සඳහා පමණක් ත්‍රෛලෝක විජය පත්‍ර කංසා පාදක නිෂ්පාදන සිදු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙනවා.

ඔහු එම අනුමැතිය ඉල්ලා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසයි.

ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම පවතින නීතිරීති වලට අනුකූලව ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය වගා කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීම පිළිබඳ තාක්ෂණික මාර්ගෝපදේශ ලබා දීම හා නියාමන රාමුවක් සකස් කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැවරෙන අතර ඒවා අපනයනයට අදාළ ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම, ආයෝජන සැලැස්ම තීරණය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ කාල රාමුව සකස් කිරිම ඇතුළුව ආයෝජකයන් සමඟ එකඟතාවකට පැමිණීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පැවරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින භූමියක හෝ එවැනි භුමියක් නොමැති නම් රජයට අයත් භූමියක් ආයෝජන මණ්ඩලය වෙත පවරා ත්‍රෙෙලෝක විජය පත්‍ර වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටද රජය පියවර ගැනීමට නියමිත බව ද සඳහන්. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW