ගාලු මුවදොර උණුසුම් තත්ත්වයක්..වහාම හමුදාව කැඳවයි..
ගාලු මුවදොර ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වනවා.
මේවන විට එම ස්ථානයට මේවන විට යුද හමුදා ආරක්ෂාව ද යොදවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
කෙසේවෙතත් මෙම තත්ත්වයට නිශ්චිත හේතුවක් තහවුරු වී නැහැ.
මේ අතර මෙම උණුසුම් වාතාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැනඩා තානාපතිවරයා ට්විටර් සටහනක් තබා තිබෙනවා.
මෙහි සිදුවෙමින් පවතින දේ නොදන්නා අතර බලධාරීන් සංයමයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් වැළකී කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ඔහු සිය ට්විටර් පණිවුඩය මගින් ප්‍රකාශකර ඇත්තේ.
මේ අතර අරලියහ මන්දිරය ඉදිරිපිට ක්‍රියාත්මක වූ නෝ ඩීල්ගම විරෝධතාව අවසන් කිරීමට අරගලකරුවන් ඊයේ (21) කටයුතු කළා.
එම ස්ථානයෙන් ඉවත්වීමට පෙර අරගලකරුවන් සඳහන් කළේ මින් ඉදිරියට ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බවයි.
ගාලු මුවදොර අතරල අරගල භූමියේ රැඳී සිටි රතුකුරුස සංවිධානයේ නියෝජිතයින් ද එම ස්ථානයෙන් ඉවත්වීමට කටයුතු කර තිබෙනවා.
කෙසේවෙතත් වෙනසක තාරුණ්‍යය සංවිධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කර සිටියේ ගාලු මුවදොර ජනතා අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම ජයග්‍රහණය කරනා තෙක් ජනතා අරගලය අඛණ්ඩව සිදුකරන බවයි.
මේ අතර පසුගිය වසරේ පැවති උද්ඝෝෂණයකදී අයුතු ජන රාශිය ලෙස කටයුතු කරමින් අයුතු අවහිරයක් සිදුකළ බවට පොලිසිය විසින් ගොනු කළ පැමිණිල්ලකට අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
අදාළ පැමිණිල්ලට අනුව සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඒ අනුවයි ඔවුන්ට මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |