TikTok තහනම් වෙයි?.
United States of America
TikTok
China
Social Media
Latest Headlines
By krishani
a year ago
චීන සමාජ මාධ්‍ය යෙදවුමක් වන ටික් ටොක් තහනම් කිරීම සඳහා අමෙරිකාව ගෙන ආ පනත් කෙටුම්පතක් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දී සම්මත ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ සඳහා පැවති ඡන්ද විමසීමේ දී ටික් ටොක් යෙදවුම තහනම් කිරීමට පක්ෂව ඡන්ද 360 ක් ලැබී තිබෙනවා.
නමුත් එයට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 58 ක් පමණී.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ වනවිට අමෙරිකානු පුරවැසියන් මිලියන 170 ක් පමණ ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කරන බවයි.
අමෙරිකාව චෝදනා කළේ මෙම යෙදවුම මගින් චීනය විසින් දත්ත සොරකම් කරමින් ඔත්තු බැලීම සිදුකරන බවයි.
කෙසේ වෙතත්, ඒ අනුව ටික් ටොක් තහනම් කිරීම සඳහා ගෙන එන ලද පනත් කෙටුම්පත ඉදිරියේ දී සෙනෙට් මණ්ඩලයට යොමුකිරිමට නියමිතය.