බුද්ධි අංශයේ සේවයට ආ ආධුනික පොලිස් කොස්තාපල් නිවසකට පැන කරපු හරියක්.
ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඉංගිරිය ඇලබඩ පාරේ නිවසකට තවත් පිරිසක් එක්ව ගොස් පහර දී දේපලවලට අලාභ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල පොලිසියට අනුයුක්තව කොට්ඨාස බුද්ධි අංශයේ සේවය කරන ආධුනික කොස්තාපල්වරයෙක්.
සැකකාර කොස්තාපල්වරයා තවත් පිරිසක් සමඟ ඉංගිරිය නම්බපාන ප්රදේශයේ හෝටලයක ආහාර ගනිමින් සිටි තවත් පිරිසක් සමඟ ආරවුලක් හටගෙන තිබෙනවා.
එහිදී කොස්තාපල්වරයාගේ පාර්ශවයේ පිරිස අනෙක් පාර්ශවයේ ආහාර ගනිමින් සිටි මේසයේ තිබෙන ආහාර ඔවුන්ගේ ඇඟ මතට වැටෙන සේ පෙරළා දමා දැඩි කලබලකාරී තත්ත්වයක් එහි ඇතිකර ඇති අතර එම අවස්ථාවේදී එහි සිටි තව පිරිසක් දෙපාර්ශ්වයම සමතයකට පත් කර දෙපසට කර විසුරුවා ආරවුල සංසිඳුවා ඇත.
කෙසේ වෙතත් සැකකාර කොස්තාපල්වරයා විසින් පිරිසක් සමඟ එදින රාත්රී ඉංගිරිය ඇලබඩ පාරේ නිවසක ට කඩා වැදී දොර ජනේල වලට සහ දේපළ වලට පහරදී තිබූ බවයි පොලිසිය වැඩි දුරටත් පවසන්නේ.