අපේ ජනබල පක්ෂයේ නායකයා රිමාන්ඩ් ගත කෙරේ
Sri Lanka
Crime
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
අත්අඩංගුවට ගත් අපේ ජනබල පක්ෂයේ නායක, සමන් පෙරේරා මහතා අගෝස්තු 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
පසුගිය ජූනි 5 වනදා තංගල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මොහුව අත්අඩංගුවට ගනු ලැබීය.
කොස්ගොඩ පොලිස් වසමේ දී තංගල්ල පොලීසිය විසින් මොහුව අත්අඩංගුවට ගත් අතර තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |