අලුත බැන්ද අනූෂා නිදාගන්න ගිහින් වෙච්ච වැඩේ.."මොන පිස්සුද ගිහින් අරහේ නිදාගන්නවා" කියලා අනූෂා එළවලා.

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna සති 1 කට පෙර

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් වෙන අනුෂා දමයන්ති පසුගියදා පතිකුලයට ගිය බව ඔබ දැනටමත් දන්නවා. ඇගේ අතිනත ගත් වාසනාවන්තයා අමිල.

මේ දිනවල කලා ලෝකයේ වැඩිපුරම කතාබහ වෙන දෙපල අතර ඔවුන් දෙදෙනාත් සිටිනවා.

මේ අනුෂා අලුත් ජීවිතය ගැන සති අන්ත පුවත්පතකට පැවසූ තතු. අනූෂා....

මුලින්ම අමිලගේත් ඔයාගේත් අළුත් ජීවිතයට හදසර අපේ සුභ පැතුම්. අලුත් ජීවිතේ කොහොමද?

අළුත් ජීවිතේ සුන්දරයි. ඇත්තම කිව්වොත් මෙච්චරයි සුන්දරයි කියලා නම් හිතුවේ නැහැ. අපි වසර දහහතරක ආදරයක් වෙන ඒ ආදරය විඳිමින් හිටියේ.

ඉතින් දැන් අලුත් ජීවිතේ ලස්සනයි. හිතුවාට වඩා පොඩි වගකීම් ටිකක් විතර වැඩිවෙලා තියෙනවා. මෙච්චර කාලයක් මම අම්මව වගේම මාව අම්මා බලාගත්තා.

දැන් මට තව කෙනෙකුත් බලාගන්න ඉන්නවා. ඉස්සර මම උදේට නැගිට්ටහම "අම්මේ" කියලා මම තේ එක හොයාගෙන යනවා.

දැන් "ඔයාට ඕනෙනේ වස්තු" කියලා මම තේ එක අරගෙන යනවා. හැබැයි තාමත් අම්මා හදන තේ එක මෙයාට ගෙනත් දෙන්නේ මමයි.

ජීවිතේ වෙනස් වුණා වගේම අනූෂාගේ පදිංචියත් වෙනස් වුණාද..?

මට හිතෙන විදිහට මම හරිම වාසනාවන්ත කෙනෙක්. මේක පොඩි රටක් වුණාට දුරක් තියෙනවා. හැබැයි මගේ මේ හිමිකාරයත් අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් පහක විතර දුරකින් තමයි මුණගැහුනේ.

අමිල ගේ හැදුවෙත් ඒ ළඟින්මයි. ඒක නිසා විනාඩි පහක් ඇතුළතදී මට ගෙවල් දෙකට මාරුවෙන්න පුළුවන්. දැනට සම්ප්‍රදායානුකූලව මට අමිලගේ ගෙදර ඉන්න වෙලා තියෙනවා.

බිරිඳක් විදිහට මට ඒ ගෙදරදී සියලු දේ බලන්න, සැලසුම් කරන්න අමිලගේ දෙමව්පියන් මට පූර්ණ නිදහස ලබලා දුන්නා.

දැන් මට අම්මලා දෙන්නයි. තාත්තලා දෙන්නයි. අනූෂා හිටියේ අම්මා එක්කමයි.

අම්මාව දාලා අලුත් ගෙදරට යද්දී ඇත්තටම මොකද හිතුනේ?

ඒක අම්මටයි මටයි දැනුනේ නැති හේතුවත් අමිලම තමයි. එයා අම්මටයි, මටයි නුපුරුදු කෙනෙක් නෙමෙයි. අවුරුදු දාහතරක් තිස්සේ අපේ ගෙදර කෑමවල රස එයා දන්නවා.

මගේ අයියා එක්ක අමිල ගොඩක් යාළුයි. සමාජයට අපි ඒ දේවල් නොපෙන්නුවාට අමිල අපේ නෑදෑයින්, හැමෝම හඳුනනවා.

එයා අපිට හුරුපුරුදු චරිතයක්. හැබැයි අමිලගේ ගෙදර මුලින්ම ගියපු දවසේ මට අම්මව මතක් වෙලා දුවලා ගෙදර යන්න හිතුණා.

අම්මා නැතිව පාලුවක්, කම්මැලිකමක් දැනුණා. ඒ නිසා අමිල ගිහින් අම්මව එක්කගෙන ආවා.

අනූෂාගේ අතින් සාම්ප්‍රදායික බිරිඳක් වගේ කෑම වේලක් මේ වෙද්දී අමිල රහ බලලා තියෙනවාද?

අමිලගේ අම්මයි තාත්තයි කියන්නේ මට මගේම අම්මා තාත්තා වගෙයි. මගේ ජීවිතේ මේ දේවල් ගැන මම ස්වභාදහමට ස්තූතිවන්ත වෙනවා.

අමිලගේ අම්මා තාත්තා "ලේලි" කෙනෙක් බලාපොරොත්තු වුණේ නැහැ. එයාලට "දුවෙක්" ඕන වුණේ. අමිලගේ ගෙදර පාන්දර හතරහමාරේ සිට හොඳ කෑම වේලක් ගෙදර තියෙනවාමයි.

මට පඩි පහක් බැස්සහම බුෆේ එක වගේ කෑම මේසේ දාලා තියෙනවා. ඒ අය සාම්ප්‍රදායික බිරිඳ බලාපොරොත්තු වුණේ නැහැ.

හැබැයි මගේ ගෙදරදී අපි දෙන්නා රස රස කෑම වෙනම හදනවා. අමිලත් හොඳ කුක් කෙනෙක්. ඒ නිසා අපි දෙන්නා අමුතු කෑම හදලා අමිලගේ අම්මලාටත් දෙනවා.

සාම්ප්‍රදායික කෑම ඒ අම්මා අපිට දෙනවා. මට ලස්සන පවුලක් ලැබුණා.

අම්මව දාලා යද්දී දුකක් හිතුණා නේද?

ඔව්... හැබැයි එදත් මම කිව්වේ "මම ටග්ගාලා එළියට ගිහින් අනිත් පැත්තෙන් ඔයාව එක්ක යන්න එනවා" කියලයි. තාත්තා හදිසියේම දවස් තුනකට තමයි ලංකාවට ආවේ.

ඉතින් අමිලට කිය‍ලා මම අපි නැවතුණ හෝටලයේ අනික් කාමරය අම්මටයි, තාත්තටයි බුක් කරලයි තිබුණේ.

ඒ නිසා "අම්මේ අනිත් කාර් එක අරගෙන අපේ පස්සෙන් එන්න කියලත්" මම කිව්වා.

මගේ අයියා තමයි "ඇයි මොළේ අමාරුවක් තියෙනවාද?"

කියලා අම්මාවයි, තාත්තාවයි අයියා වෙන කොහේදෝ එක්කගෙන ගිහින් තිබුණා. අමිල මට අම්මාව කොයිතරම් සමීපද කියලා දන්නවා.

අමිලගේ ගෙදර වුණත් එයා මගේ අම්මට කාමරයක් වෙන්කරලයි තියෙන්නේ. අමිල මගේ අම්මට හරි ආදරෙයි.

මාගේ තාත්තා රට ගියාට පස්සේ මම හැමදාම මගේ අම්මා ළඟයි නිදාගත්තේ. එක කාමරයේ එක ඇඳේ අපි නිදාගත්තේ.

ඒ නිසා අදටත් මට නිදාගනිද්දී අම්මව හරියට මතක් වෙනවා. සමහරදාට අපි අපේ ගෙදර ගියාම "ඔයා අම්මා එක්ක නිදාගන්න කියලත් අමිල මට කියනවා.

ඒ බැඳීම අමිල දන්නවා. මම අම්මා ගාවට ගියාම "මොන පිස්සුද ගිහින් අරහේ නිදාගන්නවා" කියලා මාව එළවනවා. අමිලගේ ගෙදර මුලින්ම ගියපු දවසේත් රෑ මම අම්මව නතර කර ගත්තා. දුව දීලා අම්මලා ගියාට අපේ අම්මව මම තියාගත්තා.

අමිල මොන වගේ කෙනෙක්ද? අමිල කියන්නේ මුලින්ම මට රසිකයෙක්. 2008 අවුරුද්දේදී තමයි අමිලව මට මුලින්ම මුණගැහුණේ.

ඒ කාලේ මාත් එක්ක බොහෝ දෙනා කතා කළා. දවසක් රියැලිටි නර්තන තරගයක් පුහුණුවීම් කරද්දී අමිලට මට කෝල් කළා.

සාමාන්‍යයෙන් ඒ කාලේ මම වැඩිය කෝල් ආන්සර් කරන්නේ නැහැ.

හැබැයි මොකක්දෝ වාසනාවකට එදා මම අමිලත් එක්ක කතා කළා. හැබැයි හරිම සාමාන්‍ය ඇමතුමක්.

ඊට පසුවදා ඉඳන් "පරිස්සමෙන් ඉන්න, වෙලාවට කෑම කන්න, උඩ නගින්නෙ පරිස්සමෙන්" කියලා වෙනස්ම SMS ටිකක් අමිලගෙන් මට ලැබුණා.

ඒවා හරි සුවිශේෂියි. මාස දෙකක් කොච්චර මැසේජ් කළත් මම ඒවාට උත්තර නම් යැව්වේ නැහැ.

ඔය අතරේ එකපාරටම මම නර්තන තරගයෙන් ඉවත් වුණ දවසේ මට අමිල කතා කළා. එදා අමිල එක්ක මම විනාඩි පහක් දහයක් කතා කළා.

එදා ඉඳන් සාමාන්‍ය විදිහට හැමදාම අමිල මට කතා කළා.

ඔච්චර නටන්න දන්න කියන අය ඉඳිද්දී අමිලවත් එකතු කරගෙන උත්සවයක අනුෂා නැටුවේ ඇයි?

ඒකනේ... ඒ කාලේ අමිල "මමත් ඩාන්සින් කරලා තියෙනවා" කියලත් මට කියලා තිබුණා.

එක දවසක් Water age Hotel එකේ මට ඩාන්සින් ෂෝ එකක් තිබුණා.

ඒකට මාත් එක්ක නටන්න හිටපු පිරිමි ළමයාට හදිසි වැඩක් නිසා නටන්න එන්න බැහැ කිව්වා.

මට එකපාරටම අමිලව මතක් වුණා. ඒ වෙද්දී අමිලව මම චුට්ටක් දන්නවා.

ඔන්න ඉතින් නටන්න කොච්චර අය හිටියත් දවස් දෙකක් අමිල එක්ක පුරුදු වෙලා ඒ ඩාන්සින් ෂෝ එකට මම අමිල එක්ක "මී පිරුණු සුවඳ මල් වනේ" ගීතයට නැටුවා.

විශ්වාස කරන්න අපේ වෙඩින් එකත් තිබුණේ එදා අපි දෙන්නා නටපු ඒ හෝටලේම ඒ හෝල් එකේමයි.

අමිලට හොඳට සිංදු කියන්නත් පුළුවන්. මුලින්ම අමිලව දැකපු දවසේත් හරි අපූරු සිදුවීමක් වුණා නේද?

ඔව්නේ. මාස හයක් තිස්සේ ඒ වෙද්දී අපි දුරකථන වලින් කතාකළා.

"මම ඔයාව බලන්න කැමැතියි" කියල කියපු මම ඒකට හොඳ අවස්ථාවකුත් අමිලට හදලා දුන්නා.

ඒ වෙද්දී අපේ ගෙවල් ළඟ හිස් ඉඩමක් විකුණන්න දාලයි තිබුණේ.

අමිල ඒ ඉඩම ගන්න ආපු කෙනෙක් වගේ වාහනයෙන් ඇවිත් ඉඩමෙන් බැස්සා. "ගේ අස්සෙන් හොරෙන් බලාගෙන දැන් ඉඩමේ හතර කොණට ඇවිදින්න" කියලා කිව්වා.

අමිලත් ඇවිද්දා. දැන් මම ඔයාව දැක්කානෙ. දැන් ඔයා යන්න කියල මම කිව්වා.

ඒ කියන්නේ මං අංගවිකලද කියලා බලන්නද එන්න කිව්වේ" කියලා අහලා අමිල වාහනයට නැගල යන්න ගියා.

ඒක හරි සුන්දරයි. අමිල මම ගැන අහපු දවසේම "අම්මලාගෙන් අහන්න" කියලා කිව්වා.

අමිලත් ඇවිත් ඇහුවා.

අච්චර ගෙවල් ළඟ පන්සල් තියෙද්දී පනාගොඩ ගිහින් බෝධිපූජා තිව්වේ ඇයි?

ඒ අමිලව බලන්න ඕන නිසානේ. ඒවා හරි ලස්සන කතා. දවසක් මට ඒ කාලේ හොඳ නැහැ කියලා කියද්දී අමිල මං වෙනුවෙන් පනාගොඩ කෑම්ප් එකේ පන්සලට ගිහින් බෝධි පූජාවක් තිබ්බා.

මට අමිල ගැන දුක හිතුණා. එතකොට අම්මල අමිල ගැන දැනගෙන හිටියේ නැහැ.

ඒ නිසා ගෙදරට මම හරි බයයි. මුලින්ම අමිල ගිහින් මල් ආසන හදලා හැමදේම ලෑස්ති කරල, වතුර කළ තියල හිමිහිට පැත්තට වෙලා මායි අම්මයි මේ පැත්තෙන් පඩි නගිද්දී එහා පැත්තෙන් අමිල බැහැලා ගියා.

අපිට මූණට මූණ හම්බවෙන්න ලැජ්ජයි. අපි එහෙම දවස් හතක් මූණ නොබලා බෝධි පූජාවන් තිබ්බා.

නුවර දළදා මාළිගාවට ගිහින් ඔය වගේම සිදුවීමක් වුණා නේද?

ඔව්නේ... එතකොටත් අපිට මූණට මූණ මුණගැහෙන්න ලැජ්ජයි... "අපි දළදා මාලිගාවෙදි හම්බවෙමු" කියල කියද්දී මම හරිම ශ්‍රද්ධාශීලීව මගේ අම්මවයි ආත්තම්මවයි ගෙදර හැමෝමවයි දළදා වඳින්න එක්කරගෙන ගියා.

තව තුෂාර කියලා මගේ යාළුවෙකුත් අපිත් එක්ක ගියා. අපි වාහනය නවත්තද්දී අමිල වාහනය ඈතින් නවත්තගෙන අපි දිහා බලාගෙන ඉන්නවා.

දළදාව වැඳලා පහළට ඇවිත් කට්ටියම වාහනයට නංවලා මායි තුෂාරයි "අපි ඉක්මනට උඩට ගිහින් එන්නම්" කියලා ආයෙත් උඩට ගිහින් අමිල එක්ක විනාඩි පහක් කතා කරල පහළට දුවගෙන ආවා.

එදා අමිල ගෙදරින් කෙහෙල් කොලේක ඔතපු ලොකු බත් එකක් ගෙනත් දුන්නා. අපි හොටෙල් එකට ආවම "මෙන්න ආන්ටි අපේ අම්මා මේ බත් එක දුනිනා කියල අර ලොකු බත් එක දුන්නා."

"ෂා...මාර රසයි කියල අපේ කට්ටියත් කාක්කෝ ටිකක් වගේ රස කර කර කෑවා.

ඒක තමයි අමිලගේ ගෙදරින් කාපු මුල්ම බත් එක. එදා මායි අමිලයි නුවර ප්‍රාර්ථනා බෝධියට ගිහින් පළවෙනි පඬුර ගැටගැහුවා.

ඒ ගහපු ගැටේ අවුරුදු දාහතරක් තිස්සේ රැකගන්න හරි ශක්තිමත් වුණා.

උපුටා ගැනීමක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery