ජනාධිපති මීළඟට ගත යුතුම ක්‍රියාමාර්ගයක් ගැන ප්‍රබලයෙකු කියයි..!

president Sri Lanka protest Gotabhaya Rajapaksha Economic crisis Anurudhdha Somathunga
By Sewvandhi Apr 09, 2022 01:01 PM GMT
Report

ගෞරවනීය දේශපාලන හැරවුමක් ගැනීම ඔහුට පැවරී ඇති බැවින් ජනාධිපතිවරයාගේ මීළඟ ක්‍රියාමාර්ග වැදගත් වනු ඇතැයි මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අනුරුද්ධ සෝමතුංග පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෝමතුංග පෙන්වා දුන්නේ ජනතාව විසින් ජනාධිපතිවරයා පත් කර ඔහුව බලගැන්වීමෙන් පසුවද ජනාධිපතිවරයා තමන් බලයට පත් කළ අයට සලකන්නේ මේ ආකාරයෙන් නොවන බවයි.

එබැවින් මෙම පීඩනය ඉහළ නංවා අරගලය පාරට බැස්සවීම වත්මන් අභියෝගය බව ඔහු ප්‍රකාශ කළේය. මේ රටේ ජනතාව කුල, ජාති, ආගම් භේදයකින් තොරව තම සිවිල් බලය පෙන්වීමට පාරට බසිමින් ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස ඉල්ලා සිටීම ඉතා වැදගත් සමාජ ලක්ෂණයක් බවද සෝමතුංග මහතා ප්‍රකාශ කළේය.

සියලුම කණ්ඩායම් එපා යැයි පවසා ඇති බැවින් ඔවුන්ගේ කැමැත්තට ගරු කිරීම රජයේ වගකීමක් බවද ඔහු සඳහන් කළේය. ජනතාව කාට හරි යන්න කියනවා නම් ඒ තීන්දුවට ගරු කරලා ගෞරවනීය දේශපාලන පෙරළියක් කිරීම වැදගත්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now