අනුර ආපු ගමන් කරපු දේවල් ටිකක් ගැන රටේම පැසසුම්.. ඒ දේවල් මෙන්න..

Nandalal Weerasinghe Anura Dissanayake IMF Sri Lanka
By Sithumini Sep 28, 2024 11:19 AM GMT
Report

ජනපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටිනවා.

ඔහු මේ වන විට රටේම සිදුකළ වෙනස් කම් කිහිපයක් පිළිබදව මේ වන විට බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙමින් තිබෙනවා.

එවැනි පසුබිමක ජනපති අනුර ඊයේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට අදි ආරක්ෂිත මාර්ග විවෘත කිරීම කාගෙත් පැසසුමට ලක්වුණා.

ඒ අතරින් ආරථික වැඩපිළිවෙල විශේෂයි, නව ජනපති පත්ව ගෙවෙන සිව් වන දිනය වන අද රුපියල් මිලියන 120,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා.

එසේම මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බව ජනාධිපති අනුර දිසානායක අවධාරණය කර තිබෙනවා.

එම වැඩපිළිවෙළට සක්‍රීයව මැදිහත් වී සිටි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ සේවය අඛණ්ඩව ඉදිරියට ගැනීමට ජනපතිවරයා තීරණය කළා.

එය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණු කරුණක්. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගත් කැබිනට් තීරණය එලෙසම ක්‍රියාත්මක කරමින් ගොවීන් සඳහා පොහොර සහනාධාරය රු.15,000/- සිට 25,000/- දක්වා ඉහළ නැංවීමටත් , ධීවරයන්ට ඉන්ධන සහනාධාරය දීමටත් කටයුතු කළා  

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%