මියගිය දර්ශනවාදී දේශකයාගේ තවත් අනුගාමිකයෙක් රෝහලේ. - තොරතුරු රැසකුත් එළියට.
ආගමික දර්ශනවාදී දේශන පවත්වා මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල උත්සවයට සහභාගි වු බව කියන තවත් පුද්ගලයෙක් සියදිවි නසාගැනීමට උත්සහ කර තිබෙනවා.
ඔහු දිඹුලාගල සිරිපුර පදිංචි, 26 වියති එක්දරු පියෙක් වන අතර වස ශරිරගත වීමෙන් දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බවයි සිරිපුර පොලිසිය සඳහන් කළේ.
සියදිවි නසාගැනීමට තැත් කල එම පුද්ගලයා සමඟ ඔහුගේ බිරිද ද ආගමික දර්ශනවාදි දේශන පැවැත්වු රුවන් ප්‍රසන්න ගුණරත්න ගේ අවමංගල කටයුතු සඳහා ගොස් ඇති අතර එම ගමනට නුවරගල ප්‍රදේශයේ පස්දෙනෙකු පමණ සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
වස ශරීර ගත වී දෙහිඅත්තකන්ඩිය රෝහලේ අසාධ්‍යව ප්‍රතිකාර ලබන පුද්ගලයා දේශනවලට සහභාගි වූවා ද නැද්ද යන්න මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකී වු බවත්, අවමංගල කටයුතුවලට සහභාගි වූ කාන්තාවක් ප්‍රදේශයේ ආගමික දර්ශනවාදය පතුරුවමින් දේශන කිහිපයක් පවත්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවද සිරිපුර පොලිසිය පවසනවා.
එමෙන්ම දේශන පැවැත්වූ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කොස්තාපල්වරයකුට අයත් නිවසක වසර හයක පමණ කාලයක් කුලියට සිටි ඇති බවද පරීක්ෂණවලින් තහවුරු ඇති බව ද අනාවරණය වී ඇත.
මේ අතර ආගමික දර්ශනවාදී දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ දේශනවලට සහභාගි වූ කිහිප දෙනකු පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක සිටින බවට මෙවැනි විට තොරතුරු අනාවරණ වෙමින් පවතින බවද ආරක්ෂක බුද්ධි අංශ පවසනවා.