ඉතා දරුණු තවත් කොවිඩ් රැල්ලක්..දැඩි සීමා පනවන්න වෙයි..

World News French Corona viruses Covid wave
By Aruna Dec 28, 2021 05:04 AM GMT
Report

ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ප්‍රංශයට දැඩි සීමා පනවා තිබෙන අතර නව සීමා ලබන ජනවාරි 3 වැනිදා සිට බලාත්මක වීමට නියමිත වනවා.

ඒ අනුව දුරස්ථභාවය පවත්වා ගනිමින් රැකියාවල නියැළීම අනිවාර්ය වන අතර ගෘහස්ථ මහජන ඒකරාශීවීම් 2000 කට සීමා කළ යුතු බවයි විදෙස් මාද්‍ය වාර්තා කරන්නේ.

එළිමහන් ඒකරාශීවීම් වරකට 5000 කට සීමා කර ඇති අතර නැවත දැනුම්දෙන තුරු රාත්‍රී සමාජශාලා ද වසා දමා තිබෙනවා.

ප්‍රංශයේ පැනවීමට නියමිත නව සීමාවන්ට අනුව සතියට දින 3 ක් නිවසේ සිට රැකියා කටයුතු කිරීම ද අනිවාර්ය කර තිබෙනවා.

ගතවූ පැය 24 ක කාලය තුළ ප්‍රංශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ලක්ෂයක් වන අතර විදෙස් වාර්තා සඳහන් කළේ කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසුව දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව එය බවයි.

සෑම දින දෙකකට වරක්ම ආසාදිතයින් වාර්තා වීම දෙගුණයකින් වැඩිවෙමින් ඇතැයි පවසන ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තත්වය හමුවේ ඉතා දරුණු නව කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now