මෙරටින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි.
කොරෝනා ආසාධිතව වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඔහු 55 හැවිරිදි පදවිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා දින ගණනාවක් උණ රෝගය පැවතීම නිසා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අයෙක් බවත්, මොහුට කොරෝනා රෝගය වැළදී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔහු වවුනියාව මහ රෝහලේ කොරෝනා විශේෂිත වාට්ටුවට ඇතුළත් කොට තිබූ අතර ඔහු මියගොස් ඇත්තේ එහි ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙලෙස මියගිය පුද්ගලයා වකුගඩු රෝගයෙන් පෙලෙන අයෙකු බවත් පදවියේ සිට වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සදහා වවුනියාව මහ රෝහලේ වෛද්‍ය සායනයට පමිණෙන බවත් වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු පවසා ඇති බව ද සඳහන්.
පරීක්ෂණ කටයුතු වලින් පසුව ඔහුගේ මෘත ශරීරය නිරෝධායන නීතිරීති වලට අනුව සිදු කිරීමට වවුනියාව මහ රෝහලේ පාලන අධිකාරිය පියවර ගෙන ඇත.