අද දින ඉන්ධන ලබාගැනීමට පැමිණ සිදු වූ දෙවන පුද්ගල මරණයත් වාර්තා වෙයි..!
Sri Lanka
Kochchikade
Dankotuwa
Vennappuwa
fuel vrisis
By Sewvandhi
වෙන්නප්පුව සහ දංකොටුව යන ප්‍රදේශවලදී ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
අද (10) උදෑසන වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගෙන මෝටර් රථයකින් ආපසු යමින් සිටි පුද්ගලයෙකු ඉන්ධනහල ආසන්නයේදී රථය තුළම මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
ඔහු 51 හැවිරිදි වියේ පසු වූ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි සංචාරක මඟ පෙන්වන්නෙකු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
මේ අතර බස් රථයකට ඉන්ධන ලබා ගැනීම සඳහා දංකොටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත පැමිණි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.
ඔහු 47 හැවිරිදි ගෝනවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය. එම සිදුවීම් සම්බන්ධයෙන් වෙන්නප්පුව සහ දංකොටුව පොලිස් ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |