මෙරට බන්ධනාගාරයකින් භයානක රෝගියෙක් හමුවෙයි..!

Galle Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison Latest Headlines
By Sewvandhi Mar 03, 2024 08:54 AM GMT
Report

යළිත් ගාල්ල බන්ධනාගාරයෙන් මොළේ උණ වැළඳුණු රෝගියෙකු හඳුනාගෙන තිබේ.

අදාළ රෝගියා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි, බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේ.

පසුගිය 19 වැනිදා බන්ධනාගාරගත වූ රැඳවියෙකු මෙලෙස රෝගී වී ඇති බව සඳහන්ය.

වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේ, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන අතර බන්ධනාගාරය තුළින් වෙනත් මොළේ උණ රෝගීන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.

පසුගිය කාලයේ ගාල්ල බන්ධනාගාරයෙන් මොළේ උණ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වූ අතර එහිදී රෝගීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

කෙසේ වෙතත් රෝගය පාලනය කිරීම සඳහා බන්ධනාගාර සෞඛ්‍ය අංශ විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන් කළේය.