Anonymous ලා රාජපක්ෂවරු ගැන පළමු හෙළිදරව්ව සිදු කරයි..සමාජ මාධ්‍ය උණුසුම් කළ වීඩියෝවක් එළියට(VIDEO).

By Aruna Apr 21, 2022 05:28 AM GMT
Report

මේදින වල ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ හැකර් වරුන්ගේ හෙළිදරව්වක් කරන්න යෑම පිළිබඳවයි.

මෙය මේ වන විට සමාජ මාධ්‍ය පුරා ගින්නක් මෙන් පැතිර යයි.

ඒ අනුව Anonymous save sri Lanka යනුවෙන් ටැග්ස් මිලියන 05ක් අවශ්‍ය බවත් ඉන් පසු මෙතෙක් කාලයක් රටේ හොරකම් දූෂණ,අල්ලස් ඇතුලු වංචා සිදු කල සියලු පිරිස් හෙළිකරන බවත්,වත්මන් පාලනය ඉවත් කරන බවත් දැඩි ලෙස කතාබහට ලක්විය.

ඒ අනුව ඔවුන් පැවසුවේ තවත් පැය 24 ක් තුළ මෙම සියල්ල හෙළි කරන බවය.

තවද රජයේ වෙබ් අඩවි කිහිපයකටම සයිබර් ප්‍රහාර එල්ල කර ඇති බවත්,ඉදිරියේදී අනෙක් වෙබ් අඩවි දැඩි අවධානයෙන් සිටින ලෙසත් ඔවුන් දැඩි ලෙස අවධාරණය කළා.

කෙසේවෙතත් මේ වන විට ලැව් ගින්නක් මෙන් සමාජ මාධ්‍ය වල පැතිරුණ හැකර් වරුන්ගේ රාවය අඩුවී තිබෙනවා.

එයට හේතුව වී ඇත්තේ ඔවුන් විසින් පළමු වරට සිදුකළ හෙළිදරව්ව නම් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පැතිර යෑමයි.

එම වීඩියෝව නිසා හැකර් වරුන්ගේ උණුසුම අඩුවී තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now