අකුණු පිළිබද කාලගුණයෙන් නිවේදනයක්.

Weather
By Gagana Apr 12, 2024 12:19 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු ඇතිවීම පිළිබද අවවාදාත්මක නිවේදනයක් මහජනතාව වෙත නිකුත් කර තිබෙනවා.

බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන විට, තාවකාලික තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.