දරුවන් සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන පවුල් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්..!

By Sithumi Dec 10, 2021 03:12 PM GMT
Report

විදේශගතව සිට මෙරටට පැමිණෙ වයස අවුරුදු 12ට අඩු ළමුන් සඳහා කොවිඩ් -19 PCR පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහෙත් වයස අවුරුදු 12 සහ ඊට වැඩි අය මෙරටට පැමිණීමට පැය 72කට පෙර ලබාගත් ආසාදිත නොවන බවට තහවුරු වූ PCR වාර්තාවක් ගුවන් තොටුපොළේදී ඉදිරිපත් කළ යුතුය.

එසේ පැමිණෙන පුද්ගලයා පසුගිය මාස 3 ඇතුළත කොවිඩ් ආසාදිත වී ඇත්නම් ඔවුන්ට ආසාදිත නොවන බවට තහවුරු කිරීම සඳහා පැය 48ක් ඇතුළත සිදුකළ රැපිඩ් ඇන්ටිජන් වාර්තාවක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය.

එසේම ඔවුන් ආසාදිතව සිටි පුද්ගලයෙක් බවට තහවුරු කිරීමට අවශ්‍ය ලිපිලේඛන ද ඔවුන් සතුවිය යුතුය. විදේශගතවීමට පෙර ගුවන් තොටුපොළේදී සිදුකරන කොවිඩ් -19 PCR පරීක්ෂණය අවශ්‍ය නොවන බවට දැනුම්දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


Gallery