මැතිව්ස් සම්බන්ධයෙන් පැතිර යන ආරංචිය මෙන්න.වීඩියෝවක් ලීක් වෙලා වෙච්ච දේ..
Angelo Mathews
Cricket
Social Media
By Aruna
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සම්මුඛ සාකඡාවක දී කළ ප්‍රකාශයක් අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා සංස්කරණය කර යොදා ගැනීම පිළිබඳ ඔහු විසින් චෝදනා කර සිටිනවා.
තමන් සම්මුඛ සාකච්ඡාවක දී කළ ප්‍රකාශයක් සංස්කරණය කර, අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා යොදාගෙන ඇති බවයි, සිය නිල ‘X’ මැතිවුස් පවසන්නේ.
ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවක් ප්‍රවර්ධනය කරන වීඩියෝවකට හඬ කවා යොදාගෙන ඇති එම වීඩියෝව සම්බන්ධයෙන් මැතිව්ස් පවසන්නේ, “මෙය මිනිසුන් රවටා මගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ ද්වේෂසහගත උත්සාහයක් පවතින බවයි.
මෙම වංචාකරුවන් රූපවාහිනී නාලිකාවකින් සංස්කරණය කළ වීඩියෝවක් භාවිත කර තිබෙන්නේ ! කරුණාකර එවැනි ක්‍රියාකාරකම් වාර්තා කර ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කරන්න.
මම මේ ගැන අදාළ බලධාරීන්ට වාර්තා කරනවා,” යනුවෙන්.
