තවත් දේශපාලන ප්‍රබලයෙකු Covid ආසාදිත වෙයි
By Sewvandhi
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම්, වී. ආනන්දසංගරී මහතා ට කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු කර තිබේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (16) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී ඒ මහතා ට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත.
ආනන්දසංගරී මහතාගේ ඥාතීන්ට ද මේ වන විට කොවිඩ් වැළඳී ඇතැයි තහවුරු වී තිබේ. මේ හේතුවෙන් යාපනයේ පිහිටි එක්සත් විමුක්ති පෙරමුණේ කාර්යාලය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හුදකලා කර ඇත.
ආනන්දසංගරී මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ට එතරම් බලපෑමක් නොමැති බවත් ඔහු යාපනය ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |