පිරිසකට ගෙවන දීමනා ගෙවීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් හදිසි තීරණයක්.
වෙනත් හැකියාවන් සහිත පුද්ගලයින්, හඳුනානොගත් වකුගඩු රෝගීන් සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් සඳහා වන ගෙවීම් සම්බන්ධයෙන් රජයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ, අනුව මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ, ඔවුන්ට ලබාදෙන ගෙවීම් අස්වැසුම ප්රතිලාභ ක්‍රමවේදය හරහා සිදුකිරීමටයි.
එම තීරණයට අනුව අදාළ ගෙවීම් අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එහිදී ආධාර ලබන වෙනත් හැකියාන් සහිත පුද්ගලයින් 410,000ක් සඳහා මාසිකව රුපියල් 7,500 බැගින් දීමනාවක් ද වකුගඩු ආධාර ලබා පුද්ගලයින් 50,000ක් සඳහා රුපියල් 7,500 බැගින් දීමනාවක් ද ලබාදීමට නියමිතයි..
ඊට අමතරව වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් 820,000ක් සඳහා රුපියල් 3,000 බැගින් දීමනාවක් ද ලබාදීමට නියමිතව බව සඳහන්.
මුදල් අමාත්‍යාංශය පවසන්නේ, මෙම දීමනා මේ වසරේ අප්‍රේල් මස පළමු වන දින සිට 2025 වසරේ මාර්තු 03 වන දින දක්වා ගෙවීම් සිදුකළ යුතු බවයි.