පැතිර යන වෛරස් රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක් - මේ රෝග ලක්ෂණ තියෙනව ද බලන්න..

Hospitals in Sri Lanka Virus Latest Headlines
By krishani Mar 30, 2024 03:48 PM GMT
Report

මේ දිනවල කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

පැතිර යන වෛරස් රෝගී තත්ත්වයක් ගැන දැනුම්දීමක් - මේ රෝග ලක්ෂණ තියෙනව ද බලන්න.. | An Outbreak Of Viral Fever In Sri Lanka

මෙම රෝගය වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට ආසාදනය විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ය.

ඒ අනුව රෝගය වැළඳුණු දරුවන්ගේ මුඛය තුළ හා අත් පා මත කුඩා බිබිලි හට ගැනීම ද දැකිය හැකි ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ රෝග ව්‍යාප්තිය බහුලව බස්නාහිර පළාතේ දැකිය හැකි බවයි.