තමන්ගෙ ඡායා රූපය දාල මුද්දරයක් ගහන්න ඔබට අනගි අවස්ථාවක්..කරන විදිය මෙන්න..

Central Bank of Sri Lanka Businessman
By Aruna Mar 06, 2024 08:37 AM GMT
Report

මේ වන විට තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත පිරිනමා ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අද (06) පෙරවරුවේ දී කොළඹ හැටන් නැෂනල් බැංකු මූලස්ථාන පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින්, මෙරට පැරණිතම පුද්ගලික වානිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ 135 වැනි සංවත්සරය සැමරුමේ දී මුල්දින කවරයක් එළිදැක්වීම වෙනුවෙනි.

එහි දී අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා,

“තමන්ගේ පිංතූරය දාලා මුද්දරයක් මුද්‍රණය කර ගන්න පුළුවන්.

දැන් අපි අය කරන්නේ රු. 2,000 යි. මුද්දර 20 ක sheet එකක් දෙනවා. තමන්ගේ උපන් දිනයට, තමන්ගේ යාළුවාගේ උපන්දිනයට, තමන්ගේ දුවගේ පුතාගේ විවාහ ඇරයුම්පත යවන්න ඒ දෙන්නාගේ පිංතූරය තියෙන මුද්දරයක් ඇතුව යවන්න පුළුවන්.

මේක සාමාන්‍යයෙන් තැපැල් මුද්දරයක් විදියට භාවිත කරන්න පුළුවන්".