ලංකාවේ හෙදියන්ට අලුත් බලාපොරොත්තුවක්..රට යන්න සුපිරි අවස්ථාවක්..
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා නිකුත් කළ ලිපියක් හේතුවෙන් නතර වී තිබූ ශ්‍රී ලාංකික හෙද හෙදියන් සිංගප්පූරු රැකියා කෝටාව යළි අරඹා තිබෙනවා.
එහි පළමු කණ්ඩායම ලෙස හෙද හෙදියන් තිස්හය දෙනකු(36) සිංගප්පූරුව වෙත පිටව ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.
එම කණ්ඩායම පිළිගැනීමේ උත්සවය සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හා සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් රෝයල් හෝටලයේදී පසුගියදා පවත්වනු ලැබුවා.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන, එහි කම්කරු අංශයේ උපදේශක නිපුණ තිබ්බටුමුණුව යන අයගේ මැදිහත්වීමෙන් එම රැකියා කෝටාව යළි මෙලෙස හිමිව තිබෙන බවයි පැවසෙන්නේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලාංකික හෙද හෙදියන් දෙසිය දෙනකුට(200) එරට රැකියා හිමිවන අතර ඉදිරි දිනවල සෙසු පිරිස එරටට ළඟාවීමට නියමිතව ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |