පියවරුන්ටයි මේ සුබ ආරංචිය - බලන්නකෝ ඒ මොකක්ද කියලා..

Hospitals in Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 06, 2024 05:54 PM GMT
Report

දරු ප්‍රසූතියේ දී පියවරුන්ට ප්‍රසූතාගාරය තුළ සිටීමට අවස්ථාව ලබා දීමට කාසල් වීදියේ කාන්තා රෝහල නව වැඩපිළිවෙළක් සකස් කර ඇත.

පියවරුන්ටයි මේ සුබ ආරංචිය - බලන්නකෝ ඒ මොකක්ද කියලා.. | An Opportunity For Fathers

මෙම වැඩපිළිවෙල දියත් කළ ප්‍රථම රජයේ රෝහල මෙය වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා කියා සිටියේ ය.

එහි මාතෘ වාට්ටුවේ සෑම මවකටම වෙන වෙනම කාමර සකස් කර ඇති අතර ඒ අනුව දරු ප්‍රසූතියේ දී සැමියාට තමා සමඟ සිටීමට අවස්ථාව සැලසෙයි.

ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න - අනිවාර්යෙන්ම මේ දේ ඔබ දැනගත යුතුමයි..

ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න - අනිවාර්යෙන්ම මේ දේ ඔබ දැනගත යුතුමයි..


ඒ තුළින් මවට යහපත් මානසික තත්ත්වයකින් දරුවා ප්‍රසූත කිරීමට හැකි වන බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, මෙම වැඩසටහන තුළින් මවගේ වේදනාව දෙදෙනා අතර බෙදාහදා ගැනීමට හැකිවන බවත්, අඹුසැමි සබඳතා මෙන්ම දෙමාපිය දූදරු සබඳතාව වඩාත් ශක්තිමත් වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ය.