සල්ලි ණයට ගන්න අයට රතු එළියක්..300%යක ගිනි පොලියකට අමතරව අසභ්‍ය ඡායාරූපත් අන්තර්ජාලයට..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Parliament of Sri Lanka Sajith Premadasa
By Aruna Jan 13, 2024 01:11 AM GMT
Report

බංකොලොත් රටේ විවිධ විදේශීය කූඨ ව්‍යාපාරිකයන් විදේශයේ සිට සහ ලංකාවට පැමිණ මාර්ගගත ණය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ගිණි පොළියක් අය කර සිටින බවත් මෙහි දී ඇපය ලෙස පුද්ගලයන්ගේ ඡායාරූප, පවුලේ ඡායාරූප ලබා ගන්නා බවත් දවසක් හෝ දෙකක් ණය නොගෙවන්නේ නම් සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන තර්ජනය සහ අපහාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

මේ සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා දැනුවත් කළ අවස්ථාවේ නෛතික ගැටලුවක් පවතින නිසා මෙවැනි දේ සිදුවන බව පැවසූ බවත් ඒ අවස්ථාවේදී මහබැංකු අධිපතිවරයා පැය 2ක පමණ කාලයක් මෙම ණය උගුලට හිරවූ පුද්ගලයන් සමඟ සාකච්ඡා කළ බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

විපක්ෂ නායකවරයා මෙහි දී අනාවරණය කළේ, එබැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර මෙම ණය මෝරුන් සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් මොවුන් සියයට 300ක පොළියක් අය කර සිටින බවත් ණය ගෙවීම දවසක් හෝ පමා වුවහොත් දුරකතනයෙන් තර්ජනය කිරීම මෙන්ම පවුලේ ඡායාරූප අසභ්‍ය රූප සමඟ සංස්කරණය කර සමාජ මාධ්‍ය හරහා අපහාස කරන බවයි.

නව නීති ගෙන ඒමේදී මෙවැනි කූඨ ව්‍යාපාර සිදු කර ගෙන යාම වළක්වාලමින් කටයුතු කරන ලෙසත් මොවුන් මෙරටට පැමිණි වීසා කොන්දේසි සොයා බලා වැරදි ආකාරයට සිටි නම් රටින් පිටුවහල් කරන ලෙසත් ඉල්ලා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙවැනි කූඨ ව්‍යාපාරවලින් ණය ගත් පුද්ගලයන් එම ණය නොගෙවන ලෙසත් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේ ය.

Sponsored By Sarrita Jewellery

සල්ලි ණයට ගන්න අයට රතු එළියක්..300%යක ගිනි පොලියකට අමතරව අසභ්‍ය ඡායාරූපත් අන්තර්ජාලයට.. | An Online Scam