වසර 65 ක් පැරණි පුස්තකාලයක් ජාතික ජනබලවේගයට. - (VIDEO)

Sri Lanka Politician
By Wayomi Feb 20, 2024 12:10 PM GMT
Report

මෙරට වමේ ව්‍යාපාරය නියෝජනය කරන ජනප්‍රිය ලේඛකයෙක් වන නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා ඒ මහතා රචනා කළ පොත්පත් ඇතුළුව වසර 65 ක් පමණ කාලයක් එකතු කළ වටිනා පොත් තොගයක් ජාතික ජන බලවේගයට පරිත්‍යාග කරනු ලැබුවා.

නීතිඥ එස්. ජී. පුංචිහේවා මහතා මේ වන විට 91 වැනි වියේ පසුවන අතර ඒ මහතා සිය පොත් එකතුව සිය නිවසේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට භාරදුන්නා.