මන්ත්‍රීවරයෙක් තරුණියක්ව ප්‍රසිද්ධියේ කිස් කරයි..සමාජ මාධ්‍ය පුරා පැතිර යන වීඩියෝව මෙන්න.(VIDEO)

India Current Political Scenario
By Aruna Apr 11, 2024 02:45 PM GMT
Report

සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Khagen Murmu කාන්තාවකගේ කම්මුල් සිප ගැනීම පිලිබඳව මේ වන විට සමාජ මාධ්‍ය පුරා බොහෝ අවධානයක් යොමුව තිබෙන පුවතක් බවට පත්ව තිබෙනවා.

අදාල වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍යයේ ඉතාම වේගයෙන් පැතිරී ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් කාන්තාවන් ඇතුලු බොහෝ පිරිසක් විවේචන එල්ල කර තිබේ.

කෙසේ වෙතත් එය අදරණීය සිප ගැනීමක් බව, සිප ගැනීමට ලක්වූ කාන්තාව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත.

තමාගේ පියාගේ වයසේ පසුවන කෙනෙකු තමාට සෙනෙහස පෙන්වා තමාගේ කම්මුල් සිප ගැනීම ප්‍රශ්නයක් වන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කරනු ලබයි.

පියෙකු සිය දියණියට දක්වන සෙනෙහෙසක් ආකාරයෙන් මෙම ක්‍රියාව සිදුව ඇති බවයි, මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට සහය පළ කරන පිරිස්ද පවසා ඇත්තේ.

මීට අදාල වීඩියෝවක් පහතින් නරඹන්න.